පරිගණක සහ පර්යන්ත උපාංග මිලදී ගැනීම සදහා පිරිවිතර සැකසීම.
1 කොටස
පරිශීලක හදුනා ගැනීම
පරිගණකය පරිශීලනය / භාවිතා කරන්නා පොදුවේ පරිශීලකයා ලෙස හදුන්වයි. තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රය තුලදී පරිශීලකයන් තම පරිගණකය භාවිතා කරන කාර්යය අනුව විවිධ නම් වලින් ඔවුන් හදුන්වයි.
ක්‍රියාකාරකම 01
පහත දී ඇති කාර්යන්ට ගැලපෙන පරිශීලක නාමය තෝරන්න.
පරිශීලක අවශ්‍යතාවයන් හදුනා ගැනීම.
පරිගණක ආශ්රයෙන් ඉටුකරගැනීමට බලාපොරොත්තුවන කාර්යයන් පරිශීලක අවශ්‍යතා ලෙස හදුන්වයි.
පහත වීඩියෝව නරඹා එහි පරිගණකය ආශ්රයෙන් බටුකරගන්නා පරිශීලක අවශ්‍යතාවයන් හදුනාගෙන අසා ඇති පැනයට පිළිතුරු සපයන්න.
ක්‍රියාකාරකම 02
ඉහත වීඩියෝවෙහි දක්නට ලැබෙන පරිශීලක අවස්ථාවන් මොනවාද?
නිවැරදි පිළිතුරු තෝරන්න
පරිශීලක අවශ්‍යතාවය අනුව පරිගණක තෝරා ගැනීම
පරිගණකවල ස්වභාවය හා භාවිතය අනුව පහත ලෙස වර්ගීකරණය කල හැක.
- නිශ්චිත ස්ථානයක තබා භාවිත කරන පරිගණක
- මෙම පරිගණක ප්‍රමාණයෙන් විශාල වන අතර තැනින් තැනට රැගෙන යා නොහැකිය. මේවා එක් නිශ්චිත ස්ථානයක පිහිටුවා භාවිතා කරයි.
- ජංගමව භාවිතා කරන පරිගණක
- මෙම පරිගණක ප්‍රමාණයෙන් කුඩා වන අතර තැනින් තැනට රැගෙන යා හැකිය.
ක්‍රියාකාරකම 03
සැකසුම - දර්ශන අත්තනායක