අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල
1 - කොටස
අන්තර්ජාලය
ලෝකයේ පවතින පරිගණක හා පරිගණක ජාල අතර එකිනෙක සම්බධතා ගොඩනගා ගනිමින් තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රියාවලිය "අන්තර්ජාලය" මගින් සිදුකරනු ලබයි. එමෙන්ම ලොව වේගවත්ම තොරතුරු හුවමාරු කිරීමේ මාර්ගයද අන්තර්ජාලයයි.
ක්‍රි:ව 1960 දශකයේ අගබාගයේදී ඇමෙරිකානු ආරක්ෂක අංශය යටතේ තිබු Advanced Research Projects Agency(ARPA) මගින් ආරම්භ කරනලද ARPANET අන්තර්ජාලයේ ආරම්භය සනිහටුහන් කරන ලදී. මෙහි අරමුණ වූයේ ප්‍රාදේශීය වශයෙන් විසිරී පවත්නා විශ්ව විද්‍යාල, විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන ආයතන හා පරිගණක පද්ධති එකිනෙක පහසුවෙන් සම්බන්ධ කිරීමයි.
මෙම ARPA NET ජාලය වර්තමානය වනවිට ටිකෙන් ටික වර්ධනය වී ලොවපුරා අසීමිත පරිගණක සංඛ්‍යාවක් එකතු වීමෙන් ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වී ඇත.එමෙන්ම අද වන විට ඔබට අදාල ඕනෑම විෂයකට අදාල තොරතුරු අන්තර්ජාල තුලින් ලබාගැනීමට හැකියාව ලැබී ඇත. යම් පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ වූ විට එය ද අන්තර්ජාලයට අයත් පරිගණකයක් වේ..
අන්තර්ජාලය සදහා තනි හිමිකරුවකු නොමැති අතර අන්තර්ජාල සමාජය (Internet Society) නම් අදායම් නොලබන සංවිධානය විසින් අන්තර්ජාලය භාවිතය පිළිබද ප්‍රතිපත්ති මෙන්ම අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යනු ලබන නියමාවලින් (Protocol) පිලිබදව කටයුතු කරයි.
අන්තර්ජාලය බිහිවී වසර 20 කට පසු , එනම් 1989 මාර්තු මස ලෝක ව්‍යාප්ත ජාලය හෙවත් World Wide Web (WWW)බිහිවිය. අන්තර්ජාලයේ වෙබ් පිටු පෙන්වන වෙනමම කොටසක් ලෙස ලෝක ව්‍යාප්ත ජාලය බිහි කරන ලද්දේ ටිම් බර්න්ස් ලී විසිනි. ඊට උරදෙන වෙබ් පිටු සකසන භාෂාව (html-hyper text markup language) විවිධ පරිගණක භාෂාවලින් ලියා ඇති වෙබ් පිටු පොදු ප්‍රමිතියකට ගෙන එන ප්‍රොටෝකෝලය (http-hyper text transfer protocol) සහ http හරහා වෙබ් පිටුවකට ගෙනා හෝ තොරතුරු ජාලයෙන් සොයාගැනීමේ ක්‍රමය (URL-Uniform Resource Locater) යනාදිය ටිම් බර්න්ස් ලී විසින් සොයාගත් නිසා ඔහු විරුදාවලියට ලක්වන්නේ අන්තර්ජාලයේ පියා ලෙසය.
ඒකාකාර සම්පත් නිශ්චායකය (URL - Uniform Resource Locator )
වෙබ් අඩවිවල අඩංගු තොරතුරු, විවිධ සම්පත් අනන්‍යව හදුනාගැනීමට යොදාගන්නා ක්‍රමවේදය ඒකාකාර සම්පත් නිශ්චායකය නම් වේ. මෙම තොරතුරු අන්තර්ජාලයේ ඇති පරිගණක අතර සම්ප්‍රේෂණය කිරීමට HTTP (Hyper Text Markup Language ) නම් ප්‍රොටොකෝලය යොදාගන්නා අතර මෙම තොරතුරු සැපයීම සදහා ඇති ප්‍රධානතම සේවාව ලෝක ව්‍යාප්ත වියමන (WWW - World Wide Web ) දැක්විය හැක.
පහත ඒකාකාර සම්පත් නිශ්චායකයද සලකා බලමු.
http://www.school.lk/eBook/Sinhala/ict.pdf
- නියමාවලි (Protocol) උදා:- http://
- සේවාව (World Wide Web) උදා:- www.
- වසම්නාමය (Domain Name) උදා:- myschool.lk
- සම්පත් පවතින ස්ථානය ( Path where the Resource is Locate) උදා:- eBook/Sinhala
- සම්පත් ගොනුව (Resource) උදා:- ict.pdf
- url එකක අනිවාර්යෙන් නියමාවලිය සහ වසම්නාමය පැවතීම අනිවාර්ය වේ.
උදාහරණ :-
- http://www.edupub.gov.lk – අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
- http://www.moe.gov.lk – අධ්‍යාපන අමාත්‍යංශය
- http://www.nie.lk – ජාතික අධ්‍යාපන ආයතනය
- http://www.doenets.lk – ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
නියමාවලි protocol
දත්ත සන්නිවේදනයේ යෙදෙන සම්ප්‍රේෂකයා හා ග්රාහකයා අතර ඇති කර ගන්නා සම්මුතිය නියමාවලියක් ලෙස හැඳින්වේ. එසේම නියමාවලියක් යනු පණිවුඩය නිවැරදි ව සම්ප්‍රේෂණය කිරීම හා තේරුම් ගැනීම සඳහා දෙපාර්ශවය විසින්ම පිළිපැදිය යුතු නීති රීති එකතුවක් (Set of rules) ලෙසද දැක්විය හැකිය.